Thursday, December 1, 2016

මොනවද මේ Custom ROM කියන්නේ

මොනවද මේ Custom ROM කියන්නේ


හැඳින්වීම


කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)

එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

Custom Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය.  (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි.  (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version  නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?


නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,

  • Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
  • වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.

නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.


Custom ROM භාවිතා කිරීමේ අවාසි !


රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා.