Wednesday, July 11, 2018

Format කරන්න බැරි / Write Protected වුන පෙන් වලට විසදුමක්

Format කරන්න බැරි / Write Protected වුන පෙන් වලට විසදුමක්


 අද කියන්න යන්නෙත්  ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන පෙන් ඩ්‍රයිව් භාවිතයේදී ඇතිවන ගැටලුවලට විසදුමක් තමයි අරන් ආවේ..ෆෝමැට් කරන්න බැරි , write protect වෙලා තියෙන  පෙන් මේ විදියට ගොඩක් දුරට ගොඩ දාගන්න පුළුවන් ...


Write Protect එකට විසදුම පහලින් දෙවන කොටස ලෙස ඇත



පළමුවෙන්ම පෙන් එක Low Level Format කරගන්න වෙනවා ඒකට අවශ්‍ය ටූල් එක 



                          මෙතනින්අරගන්න .. 



ඊට පස්සේ   පහල තියෙන විදියට  ෆෝමැට් කරගන්න.





ෆෝමැට් වීම  සම්පුර්ණ  වුනාම  අපි පෙන් එක පාර්ටිෂන්  කර ගන්න ඕන. එකට වින්ඩෝස්  වල disk part tool එක හරහා තමයි කරගන්න වෙන්නේ මේ විදියට කරන්න..




1.  Press Windows key+R



2. ඊට පස්සේ එන Run box එකේ  diskpart කියලා ටයිප් කරලා එන්ටර්     කරන්න එතකොට  diskpart tool එක එයි.




3. දැන් මේ කමාන්ඩ් ටික නිවැරදිව  ටයිප් කරන්න 



 list disk කියල  type කරන්න  එතකොට  computer එකට සම්බන්ද ඩිස්ක් ලිස්ට් එකක් පෙන්වයි. දැන්  select disk 2 කියලා ටයිප් කරන්න.



සැ.යු : මෙහිදී 2 ලෙස ටයිප් කරලා තියෙන්නේ මගේ computer එකට සවිකරලා තියෙන පෙන් එක. ඔයාලගේපෙන් එකට අදාල ඩිස්ක් නම්බර් එක ටයිප් කරන්න නිවැරදිව.

ඉන්පසු පහල Command එකින් එක ටයිප් කර කර Enter කරන්න.



clean
create partition primary
select partition 1
active

format fs=fat32

assign


  පහත රුපයේ   ආකාරයට  නිවැරදිව ටයිප්  කලා නම් පෙන් එක ෆෝමැට් වෙයි . ටික වෙලාවක් යයි ෆෝමැට් එක සම්පුර්ණ වෙන්න.



format complet වුනාට පස්සේ exit  කියලා ටයිප් කරල එන්ටර් කරන්න.







2.Write Protect එකට විසදුම.... 

පෙන්ඩ්‍රයිව්  එකක් රයිට් ප්‍රොටෙක්ට් උනාම අපිට ෆොර්මැට් කරන්න බෑනේ ඉතින්.  මේක වින්ඩෝස් හරහා කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමා මේ ...



1. Press Windows key+R
2. ඊට පස්සේ එන Run box එකේ  regedit කියලා ටයිප් කරලා රේජිස්ට්‍රි     එකට යන්න
3. රෙජිස්ට්‍රි එකේ මෙන්න මේ පාත් එක සොයාගෙන



   HKEY_LOCAL_MACHINE /SYSTEM/CurrentControlSet/Control/StorageDevicePolicies



4. දැන් Writeprotect කියන එක ක්ලික් කරලා Modify ක්ලික් කරලා
Value data"1" කියල තියෙන අගය "0" ලෙස වෙනස් කරලා සේව් කරන්න.
5. දැන් කොම්පිවුටර් එක රීස්ටාර්ට්  කරලා pen එක ෆොර්මැට් කරලා බලන්න වැඩේ හරිද කියල.



සැ යු : සමහර අයගේ රෙජිස්ට්‍රි එකේ StorageDevicePolicies කියන කී එක නොතිබෙන්න පුළුවන්. එවිට පහත පියවර අනුගමනය කරන්න



මෙන්න මේ ෆයිල් එක මෙතැනින්ඩවුන්ලෝඩ් කරලා ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක යස් කරන්න.දැන්  ඔයාල රෙජිස් ට්‍රි එකට ගිහින් බලන්න  StorageDevicePolicies කියන key එක හැදිලා ඇති 
මේ ක්‍රමේ හරි නොගියොත්  මෙන්න  මේ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන  ට්‍රයි කරලා බලන්න
                                           Download