Wednesday, July 11, 2018

Format කරන්න බැරි / Write Protected වුන පෙන් වලට විසදුමක්

Format කරන්න බැරි / Write Protected වුන පෙන් වලට විසදුමක්


 අද කියන්න යන්නෙත්  ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන පෙන් ඩ්‍රයිව් භාවිතයේදී ඇතිවන ගැටලුවලට විසදුමක් තමයි අරන් ආවේ..ෆෝමැට් කරන්න බැරි , write protect වෙලා තියෙන  පෙන් මේ විදියට ගොඩක් දුරට ගොඩ දාගන්න පුළුවන් ...


Write Protect එකට විසදුම පහලින් දෙවන කොටස ලෙස ඇත



පළමුවෙන්ම පෙන් එක Low Level Format කරගන්න වෙනවා ඒකට අවශ්‍ය ටූල් එක 



                          මෙතනින්අරගන්න .. 



ඊට පස්සේ   පහල තියෙන විදියට  ෆෝමැට් කරගන්න.





ෆෝමැට් වීම  සම්පුර්ණ  වුනාම  අපි පෙන් එක පාර්ටිෂන්  කර ගන්න ඕන. එකට වින්ඩෝස්  වල disk part tool එක හරහා තමයි කරගන්න වෙන්නේ මේ විදියට කරන්න..




1.  Press Windows key+R



2. ඊට පස්සේ එන Run box එකේ  diskpart කියලා ටයිප් කරලා එන්ටර්     කරන්න එතකොට  diskpart tool එක එයි.




3. දැන් මේ කමාන්ඩ් ටික නිවැරදිව  ටයිප් කරන්න 



 list disk කියල  type කරන්න  එතකොට  computer එකට සම්බන්ද ඩිස්ක් ලිස්ට් එකක් පෙන්වයි. දැන්  select disk 2 කියලා ටයිප් කරන්න.



සැ.යු : මෙහිදී 2 ලෙස ටයිප් කරලා තියෙන්නේ මගේ computer එකට සවිකරලා තියෙන පෙන් එක. ඔයාලගේපෙන් එකට අදාල ඩිස්ක් නම්බර් එක ටයිප් කරන්න නිවැරදිව.

ඉන්පසු පහල Command එකින් එක ටයිප් කර කර Enter කරන්න.



clean
create partition primary
select partition 1
active

format fs=fat32

assign


  පහත රුපයේ   ආකාරයට  නිවැරදිව ටයිප්  කලා නම් පෙන් එක ෆෝමැට් වෙයි . ටික වෙලාවක් යයි ෆෝමැට් එක සම්පුර්ණ වෙන්න.



format complet වුනාට පස්සේ exit  කියලා ටයිප් කරල එන්ටර් කරන්න.







2.Write Protect එකට විසදුම.... 

පෙන්ඩ්‍රයිව්  එකක් රයිට් ප්‍රොටෙක්ට් උනාම අපිට ෆොර්මැට් කරන්න බෑනේ ඉතින්.  මේක වින්ඩෝස් හරහා කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් තමා මේ ...



1. Press Windows key+R
2. ඊට පස්සේ එන Run box එකේ  regedit කියලා ටයිප් කරලා රේජිස්ට්‍රි     එකට යන්න
3. රෙජිස්ට්‍රි එකේ මෙන්න මේ පාත් එක සොයාගෙන



   HKEY_LOCAL_MACHINE /SYSTEM/CurrentControlSet/Control/StorageDevicePolicies



4. දැන් Writeprotect කියන එක ක්ලික් කරලා Modify ක්ලික් කරලා
Value data"1" කියල තියෙන අගය "0" ලෙස වෙනස් කරලා සේව් කරන්න.
5. දැන් කොම්පිවුටර් එක රීස්ටාර්ට්  කරලා pen එක ෆොර්මැට් කරලා බලන්න වැඩේ හරිද කියල.



සැ යු : සමහර අයගේ රෙජිස්ට්‍රි එකේ StorageDevicePolicies කියන කී එක නොතිබෙන්න පුළුවන්. එවිට පහත පියවර අනුගමනය කරන්න



මෙන්න මේ ෆයිල් එක මෙතැනින්ඩවුන්ලෝඩ් කරලා ඒ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා එන මැසේජ් එක යස් කරන්න.දැන්  ඔයාල රෙජිස් ට්‍රි එකට ගිහින් බලන්න  StorageDevicePolicies කියන key එක හැදිලා ඇති 
මේ ක්‍රමේ හරි නොගියොත්  මෙන්න  මේ සොෆ්ට් වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන  ට්‍රයි කරලා බලන්න
                                           Download

Tuesday, May 8, 2018

හොඳ VPN එකක් තෝරගන්නේ මෙහෙමයි

https://assets.roar.media/Tech-Sinhala/2018/03/VPN-1.jpg

හොඳ VPN එකක් තෝරගන්නේ මෙහෙමයි

23 MARCH 2018
By Rasika Nanayakkara
VPN එහෙමත් නැතිනම් Virtual Private Network කියන තාක්ෂණික උපක්‍රමය පහුගිය දවස්වල අපේ රටේ බොහෝ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රියම තාක්ෂණයක් බවට පත්වුනා. VPN කියන අකුරු තුනෙන් අදහස් වෙන දේ ගැනවත් අදහසක් නැති වුණත්, බොහෝ දෙනෙක් තමන්ගේ අන්තර්ජාල අවශ්‍යතාවයන් ඉටුකරගන්න VPN සරණ ගිය හැටි පහුගිය කාලයේ දී අපි දැක්කා. මොකක්ද මේ VPN එකක් කියන්නේ, කොහොමද අපි හොඳ VPN එකක් තෝරගන්නේ, අද අපි ඒ ගැන සාකච්ඡා කරමු.

මොකක්ද VPN එකක් කියන්නේ?

nevsedoma.com.ua
ඉතාම සරලව පවසනවා නම්, VPN, එහෙමත් නැතිනම් Virtual Private Network, කියන්නේ ආරක්ෂිතව අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදයකට. පුද්ගලික හෝ පොදු ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක ඇති ආරක්ෂාව තවත් වැඩිකරන්න භාවිතා කරන තාක්ෂණික උපක්‍රමයක් තමයි VPN. තමන්ගේ දත්ත සහ තොරතුරු අන්තර්ජාලය තුළ දී වඩාත් ආරක්ෂිතව හුවමාරු කරගන්න අවශ්‍ය පහසුකම VPN හරහා ලබා දෙනවා.
උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ඔබේ නිවසේ සිට බස් නැවතුමට ගමන් ගන්නා මහාමාර්ගය ගැන හිතන්න. ඒ මහාමාර්ගයේ ගමන් කරන අය කවුද, ඔවුන් ඇඳගෙන යන ඇඳුම් මොන වගේ ද, ඔවුන් පාවිච්චි කරන වාහන මොනවද, මේ ඕනෙම දෙයක් පාර අයිනේ ඉඳන් බලාගෙන ඉන්න ඔබට පේනවා. දැන් හිතන්න කවුරුන් හෝ සමාගමක් විසින් අර මහාමාර්ගයේ කොටසක් තහඩුවලින් හරි වෙන විදියකට හරි හැම පැත්තෙන්ම ආවරණය කරලා පිටතට නොපෙනෙන ආරක්ෂිත මාර්ගයක් නිර්මාණය කරනවා. දැන් ඒ ආරක්ෂිත මාර්ගයේ ගමන් කරන මිනිසුන්, වාහන, මේ කිසිම දෙයක් පාරේ අයිනේ ඉන්න ඔබට පෙනෙන්නේ නැහැ නේද?
උදාහරණය අපේ ඇත්ත තත්ත්වයට ආදේශ කෙරුවම, ඔබේ නිවසේ සිට බස් නැවතුමට තිබුණ සාමාන්‍ය මාර්ගය තමයි ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය. ඒ සාමාන්‍ය මාර්ගයේම කොටසක් ආවරණය කරලා හදපු ආරක්ෂිත මාර්ගය තමයි VPN එක.
ඒ වගේම VPN හරහා ලබා දෙන වෙනත් සේවාවනුත් තිබෙනවා. ඔබගේ අන්තර්ජාල නිර්නාමිකත්වය (anonymity) ආරක්ෂා කර දීම, Geo-spoof, එහෙමත් නැතිනම් තමන් සිටින ස්ථානය සඟවා වෙනත් ස්ථානයකින් අන්තර්ජාලයට සම්බන්ධ වන බව පෙන්වීම, අවහිර කරන ලද වෙබ් අඩවි වෙත පිවිසීමට ඉඩ ලබාදීම වගේ බොහොම ජනප්‍රිය සේවාවන් VPN එකක් මඟින් ලබාගන්න පුළුවනි.

හොඳ VPN එකක් තෝරාගත යුත්තේ ඇයි?

vpntopten.com
නිසි අවබෝධයකින් තොරව VPN භාවිතා කරනා බොහෝ දෙනෙක් තෝරාගන්න VPN option එකක් වන්නේ නොමිලේ ලබාදෙන VPN එහෙමත් නැතිනම් Free VPN. නමුත් මේ Free VPN ආරක්ෂිත ද?
ඔබ VPN එකක් භාවිතා කරන්නේ ඔබගේ දත්ත, තොරතුරු, අනන්‍යතාව වගේ දේවල් වල ආරක්ෂාව පිළිබඳව ඔබ සැළකිළිමත් වන නිසයි. ඔබගේ ඒ අවශ්‍යතාවය VPN එක මඟින් ඉටුකරනවද කියන එක ගැනත් සැළකිළිමත් වීම අත්‍යවශ්‍ය යි. ඕස්ට්‍රේලියාවේ විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ රාජ්ය ආයතනය වන Commonwealth Scientific and Industrial Research Organization මඟින් 2015 දී ප්‍රකාශයට පත්කරපු වාර්තාවකට අනුව, Google Play Store එකේ ඇති Free VPN 283ක් පිළිබඳව සිදුකළ පරික්ෂාවේ දී එම VPN වලින් 84%ක් පරිශීලක IP ලිපිනයන් ආරක්ෂා නොකරන බවට හෙළි වී තිබෙනවා. එමෙන්ම 66%ක් VPNවලින් පරිශීලකයන්ගේ අන්තර්ජාල පිවිසුම් තොරතුරු ආරක්ෂා නොකරන බවට සහ 16%ක් VPN මඟින් පරිශීලකයන්ගේ Bandwidth සොරාගැනීම සිදුකරන බවටත් සඳහන් වෙනවා. තවත් 18%ක් VPN වලින් ඒ හරහා ගමන් කරන දත්ත සහ තොරතුරු encrypt නොකරන බවටත් ඒ වාර්තාවේ සඳහන් කරලා තිබෙනවා. VPN එකකින් සිදුකළ යුතු මූලිකම කර්තව්‍යයක් තමයි දත්ත සහ තොරතුරු encrypt කිරීම. නමුත් ඒ මූලිකම අවශ්‍යතාවයවත් සම්පූර්ණ නොකරනවා කියන්නේ, ඔබට වැටහෙනවා ඇති මෙහි තිබෙන බරපතලකම.
තමන්ගේ VPN සේවාව භාවිතා කරනා පරිශීලකයන්ගේ දත්ත වෙනත් පාර්ශවවලට විකිණීම (බොහෝ Free VPN ලබාදෙන ආයතන තමන්ගේ වියදම පියවාගැනීම සිදුකරන්නේ මේ ආකාරයෙනුයි), තමන්ගේ සහෝදර වෙබ් අඩවිවලට පරිශීලකයන්ව ස්වයංක්‍රීයව යොමුකිරීම, පරිශීලකයන්ගේ Bandwidth එක සොරාගෙන වෙනත් පාර්ශවයන්ට එය විකිණීම වගේ වංචාසහගත දේවලුත් Free VPN ලබාදෙන වංචාකරුවන් විසින් නිරන්තරයෙන්ම සිදුකරනවා.
මේ නිසා එවන් වංචාකරුවන්ගේ හෝ සොරුන්ගේ ගොදුරක් නොවී VPN එකක් තෝරගද්දි මේ කරුණු ගැනත් කල්පනා කරන්න.
9to5mac.com

1. ආරක්ෂාව පළමුව

අපි ඔබගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න ද? ඔබට ආරක්ෂක උමගක් නිර්මාණය කරන්න අවශ්‍යතාවයක දී ඔබ එය නිර්මාණය කරන්නේ පස් සහ වතුර මිශ්‍රකරලා හදාගත්ත මිශ්‍රණයකින්ද, නැතිනම් කොන්ක්‍රීට් මිශ්‍රණයකින්ද? උත්තරේ ඔබ දන්නවා.
VPN එකකත් වැඩි වෙනසක් නැහැ. VPN එකකත් ආරක්ෂාව රඳා පවතින්නේ එය නිර්මාණය කර තිබෙන ආරක්ෂිත උපක්‍රම මතයි.
ඔබ VPN එකක් තෝරාගනිද්දි, එහි security protocol එක පිළිබඳව විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි. ඔබේ VPN සැපයුම්කරු OpenVPN, SSTP හෝ අවම වශයෙන් L2TP/Ipsec තාක්ෂණය භාවිතා කරනවද කියන දේ ගැන විශේෂයෙන්ම සැළකිලිමත් වෙන්න. මෙයින් Open VPN ආරක්ෂාව අතින් ඉදිරියෙන් සිටින්නේ. ඔබ භාවිතා කරනා VPN එක ක්‍රියාත්මක වන්නේ PPTP තාක්ෂණය යටතේ නම්, දැන්ම එයින් අයින් වෙන එක ඉතාම හොඳයි.

2. පුද්ගලිකත්වයත් වැදගත්

තමන්ගේ අනන්‍යතාවය හෙළිනොකර අන්තර්ජාලය තුළ හැසිරෙන බොහෝ අය ඉන්නවා. මේ නිසා ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරන VPN සේවා සපයන්නෙකුගෙන් සේවය ලබාගැනීමත් අතිශය වැදගත්. තමන්ගේ පරිශීලකයන්ගේ Traffic logs තබාගන්නේ නැති, ඒ වගේම පරිශීලකයන්ගේ විස්තර කුමන හේතුවක් නිසාවත් වෙනත් පාර්ශවයන් අතට පත් නොකරන VPN එකක් තෝරාගැනීම සුදුසුයි කියන එකයි අපේ නිර්දේශය.

3. ලබා දෙන ධාරිතාවය

VPN එක මඟින් ඔබට කොපමණ Bandwidth එකක් ලබාදෙනවද කියන දේ පිළිබඳව දැනුවත්ව සිටීමත් ඉතාම වැදගත්. පරිශීලකයන් මේ පිළිබඳව කරුණු හරිහැටි දැනුවත් නොවුණත්, ලබාදෙන Bandwidth එක අවසන් වූ පසු අතරමගදී VPN සේවාව ඇණහිටීම බොහෝ VPN සේවා සපයන්නන් විසින් සිදුකරන දෙයක්. මේ නිසා එවන් අපහසුතාවයන්ට පත්නොවීමට VPN සේවා සපයන්නාගේ නීති හා රෙගුලාසි පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගැනීම අවශ්‍යමයි. ඒ වගේම ඔබට හැකිනම් VPN සේවා සපයන්නා සතුව server කීයක් තියෙනව ද, එහෙමත් නැතිනම් විශාල ජාලයකට සම්බන්ධව (Amazon AWS වැනි) තමන්ගේ සේවාව ලබාදෙනවා ද යන්න පිළිබඳවත් සොයා බලන්න. තමන් සතු server සංඛ්‍යාව වැඩි වෙන තරමට ඔවුන්ගේ සුදුසුකමත් ඉහළ යනවා.

4. ප්‍රෝඩාකරුවන්ගෙන් ප්‍රවේසම්වන්න

VPN සේවාවන් ලබාදෙන ප්‍රෝඩාකරුවන් බොහෝදෙනෙක් සිටිනවා. අපි මුලිනුත් සඳහන් කළ ආකාරයට තමන්ගේ VPN එක භාවිතා කරන්නට ඉඩ දී ඔවුන් ඔබගේ දත්ත සහ තොරතුරු වෙනත් පාර්ශවයන්ට විකිණීම සහ තවත් වංචාකාරී ක්‍රියාවන් සිදුකිරීම සිදුකරනවා. මේ නිසා VPN එකක් තෝරාගන්නට පළමුව නිරන්තරයෙන් ඒ VPN සේවා දායකයන් ගැන තොරතුරු සොයාබැලීමත් වැදගත්. ඔබට අන්තර්ජාලයෙන් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්න පුළුවනි.

5. නොමිලේ දෙන VPN ගන්න එපා

නොමිලේ ලබා දෙන VPN සේවාවන් භාවිතා කරන්නම එපා කියන එක තමයි අපේ නිර්දේශය. VPN සේවාවක් ලබාදීමට නිශ්චිත වශයෙන්ම යම්කිසි මෙහෙයුම් පිරිවැයක් වැයවෙනවා. කවුරුන් හෝ කෙනෙක් ඒ සේවාව නොමිලේ ලබාදෙනවා කියන්නේ, තමන්ගේ වියදම් සපුරා ගැනීම වෙනුවෙන්, VPN සේවාව ලබාදෙන්නා විසින් තමන්ගේ පරිශීලකයන්ගේ තොරතුරු වෙනත් පාර්ශවයන්ට විකිණීම සිදුකිරීමට බොහෝ ඉඩක් තිබෙනවා. මේ තොරතුරුවලට ඔබගේ ඊමේල් ලිපින, passwords, බැංකු ගිණුම් අංක, ක්‍රෙඩිට් කාඩ්පත් අංක, සමාජ ජාල තොරතුරු පමණක් නොවේ, ඔබේ ඡායාරූපයන් පවා ඇතුළත් විය හැකියි. මෙහි තිබෙන බරපතල තත්ත්වය දැන් ඔබට පැහැදිලි ඇති.
ආරක්ෂිතව අන්තර්ජාලය තුළ කටයුතු කරන්න VPN එකක් භාවිතා කිරීම වැදගත්. නමුත් ඔබ VPN එකක් පාවිච්චි කරනවා නම් ඒ ගැන දැනගෙන පාවිච්චි කරන්න.

Thursday, July 13, 2017

අදුරැ සිරගෙය


අපේ කොල්ලෙක්ගෙ සුපිරිම වැඩක්... අහලම බලන්නකෝ්.......






Sunday, June 25, 2017

ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකෙන් වැඩ දාමු

ඔන්න අරං ආවා ඇන්ඩ්‍රොයිඩ් එකට් සුපිරිම වැඩ කිඩ ටිකක් . පෝන් එකෙන් වැඩ දාල යාලුවො අතරෙ වැඩ්ඩෙක් වෙන්න ඔයාටත් පුලුවන්.වැඩි කථා ඕන නෑනෙ අපි බලමුකො මොනව්ද කරන්න පුලුවන් කියල.එකින් එකට
                     ඔයා දැකල අහල ඇතිනෙ සමහර පෝන් වල තියෙනවා ඩිස්ප්ලේ එකට දෙපාරක් තට්ටුකලාම screen on off කරන්න පුලුවන් විදියක් ගැන.ඉතින් ඕක තියෙන එකෙක් අපි ගාවට ඇවිත් ඕක ගැන කියව්ද්දි මලම පනිනවනෙ ඉතින් අපි පෙන්නමු ඌට ඊට දෙපිටින් යන වැඩක්.පෝන් එක අල්ලන්නෙව්ත් නැතුව screen on off කරමු යාලුවො හොල්මන් වෙන්න.මේකෙදි වෙන්නෙ මෙහෙම දෙයක් පෝන් එකේ තියෙන ඉදිරිපස කැමරාව සෙන්සර්(සංවේදකයක්) විදියට ක්‍රියා කරන එක.ස්ක්‍රීන් ඔන් තියෙද්දි පෝන් එකට ඉහලින් අතගෙනිච්චාම නිකන්ම ස්ක්‍රීන් එක ඕෆ් වෙනවා.ඕෆ් වෙලා තියෙද්දි එහෙම කලාම ස්ක්‍රීන් on වෙනවා.කරන්න තියෙන්නෙ පහල ලින්ක් එකෙන් ඇප් එක බාගෙන ඉන්ස්ටෝල් කරල ඕපන් කරගෙන ඔන් කරන්න විතරයි.ඇප් එක ඕපන් කලාම තප්පර 10ක විතර පොඩි වීඩියෝ එකක් යනවා ඒක අයින් කරන්න ඕනනම් කරන්න තියෙන්නෙ sd කාර්ඩ් එකේ එයාර් ලොක් නමින් පෝල්ඩරයක් ඇතිඒකෙ තියෙන වීඩියෝ එක අයින් කරන්න .on කලාම nofitication එකේ එයි lock & unlock කියලා ඒකෙන් කැමතිනම් එකක් විතරක් වැඩ කරන්න හදන්න පුලුවන් .මේකෙ තියෙන අවුල තමා පෝන් එකේ වැඩ කරද්දිත් කැම් එකට උඩින් ඇඟිල්ලක් ගියත් ස්ක්‍රීන් එක ඕෆ් වීම.ඒක නිසා ඒ වෙලාවට නොෆිටිකේශන් ගිහින් ලොක් එක ඕෆ් කරල තියාගන්න.එහෙනම් පහලින් ඇප් එක බාගන්න.

**මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න **

ඊ ගාවට දෙන්නෙ ඩබල් ටැප් ස්ක්‍රීන් ඔන් ඕෆ්.කලිනුත් කිවුවා වගේ සමහර පෝන් වලට මේ පහසු කම තිබුනට හැම එකේම නෑනෙ අන්න ඒ අයට පුලුවනි මේකෙන් ඩබල් ටැප් ඒ කියන්නෙ දෙපාරක් තට්ටු කිරීම මගින් ස්ක්‍රීන් ඔන් ඕෆ් කරන්න.තට්ටු කරනවා කිවුවට ලාවට ස්පර්ශ කිරීමක් විතරයි හොඳේ. මේකෙදි විනිවිද පෙනෙන අයිකනයකට ටැප් කරලත් පුලුවන් නැත්නම් ෆොන්ට් කැම් එකෙනුත් පුලුවන්.මේකෙ පලවෙනි එකේ වගේ අවුල් නෑ .කැම් එකට උඩින් අත ගියාට ඕෆ් වෙන්නෙ නෑ.ස්පර්ශ කරන්නම ඕනි.ඇප් එක පහලින් බාගන්නකෝ.

** මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න **

දැන් දෙන්නෙ gestures වැඩ කෑල්ලක් .මැජික් gestures .මේකෙන් ඔයාලට පෝන් එකේ ඩිස්ප්ලේ එක මත ඔයා කලින් දීල තියෙන ඉරි කෑල්ලක් ඇඳිමෙන් කැමති නම්බර් වලට  කෝල් කරන්න sms කරන්න .කැමති වෙබ් පිටුවකට යන්න.කැමති ඇප් එකකට යන්න පුලුවන්.කරන්න තියෙන්නෙ ඉරි කෑල්ලක් අඳින්න විතරමයි.පහලින් ඒකත් බාගන්නකෝ.

**මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න **


ඔන්න දෙනව තව ඇප් එකක් මේකෙන් කරන්නෙ ස්ක්‍රීන් ලොක් එක කැම් එක සෙන්සරය විදියට භාවිත කරල  අරින එක.පෝන් එකට ඉහලින් අත තියන් ඉන්න කොට තමා ලෝක් එක ඇරෙන්නෙ. ඒ ඇප් එකත් බා ගන්නකෝ .

**මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න **

ඊගාවට දෙන්නෙත් gestures ඇප් එකක් .මේකෙනුත් ඉතාපහසුවෙන් පෝන් එකේ ඕනම තැනකට ඩිස්ප්ලේ එකේ ඉරක් ඇඳල යන්න පුලුවන් මේකෙන් gestures මගින් ආකර්ෂණීය ලෙස item ගන්න පුලුවන් ට්‍රික්ස් ගොඩක් තියෙනවා වැඩේ අල්ලගන්න අමාරුවක්නැති නිසා වැඩි විස්තර නොදැම්මත් මොකක් හරි ගැටලු තැනක් හමුවුනොත් උදව්වක් ඉල්ලන්නකෝ.එහෙනම් පහලින් ඇප් එක ගන්නකෝ

**මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න **

දැන් දෙන්නෙත් gestures ඇප් එකක් වුනත් ටිකක් වෙනස්.මේක aie gestures එකක් මේකෙන් nofitication bar,,togle bar ,ගන්න කරගන්න බ්ලූටූත්.වයිෆයි,ඩේටා,රොටේට්,සයිනික්.හැම එකක්ම පෝන් එකට ඉහලින් අතයවලා ඔන් ඕෆ් කිරීමේ හැකියාව සහිතයි.පහල ලින්ක් එකෙන් ඒකත් ගන්නකෝ

** මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න   **


ඊගාව එක මේකත් air gestures තමා .මේකෙන් call ,media,gallery  මැනේජ් කරන්න පුලුවන්.ප්ලේයර් හරහා සිංදු ප්ලේ කරන්න නවත්වන්න නෙක්ස්ට් කරන්න වගේ වැඩ වගේම ගැලරියෙ පොටෝ next,prew කරන්නත් හැකියි.පහලින් බා ගන්නකෝ.

** මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. **


ඊගාවට දෙන්නෙ ඩොලර් 8ක් වටින ඇප් එකක්.බයවෙන්න එපා මම දෙන්නෙ නිකන්.මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල පහල පොටෝ වලින් බලන්නකෝ මේකත් air gestures ම තමා පොටෝ ට්කට යටින් ඩවුන්ලෝඩ් ලින්ක් එකදාන්නම්කෝ




Thursday, December 1, 2016

මොනවද මේ Custom ROM කියන්නේ

මොනවද මේ Custom ROM කියන්නේ


හැඳින්වීම


කස්ටම් රොම් (Custom ROM) ඒ වගේම ආෆ්ට මාකට් ඕ.එස් (After Market OS) කියන වචන ටික කාලයක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාවිච්චි කරන කොට අහන්න ලැබෙනවා.

මොකද්ද මේ ? මේකෙන් මොකද වෙන්නේ ? . . .

අද අපි මේ ගැන දැනගමු.

පරිගණක තාක්ශණයේදි ROM යනු Read Only Memory වුවත් මෙහිදී Custom ROM යනුවෙන් හැඳින්වෙන්නේ දුරකථනයේ Read Only Memory පෙදෙසට ස්ථාපනය කල හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ System Image එකකට යි. (එනම් මෙහෙයුම් පද්ධතියේ සත්‍ය පිටපතක්)

එමෙන්ම Kernel (කර්නලය) ලෙස හැඳින්වෙන්නේ මෙහෙයුම් පද්ධතියේ කොඳු නාරටිය කිව්වොත් නිවැරදියි. ඇන්ඩ්‍රොයිඩ් ලිනක්ස් කර්නලය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.

Custom Rom වර්ග දෙකකි

Stock ROM
දුරකථනය මිලදී ගැනීමේදි එහි තිබූ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය.  (Default Android Version). බොහෝ විට මෙය දුරකථනයේ නිශ්පාදකයා විසින් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට යම් යම් වෙනස් කම් කර දුරකථනයට අනුකූල වන පරිදි සැකසූ වකි.  (එතකොට මොකුත් වෙනස්කම් නොකරන ලද Android Version  නැද්ද ? තියනවා. මේ ගැන ඉදිරියේදි කතා කරමු)

Custom ROM
මෙයත් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් ම වන අතර (කර්නලය හා ඇප්ස් සමගම), නමුත් මෙය සංවර්ධනය කර ඇත්තේ තුන්වන පාර්ශවයක් විසිනි. ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතියක් නිසා මෘදුකාංග සංවර්ධකයින්ට ස්ටොක් රොම් එකක් රැගෙන වෙනස් කම් කර සැකසිය හැකියි. මෙසේ නැවතත් සැකසන ලද සංස්කරණයක් Custom ROM එකක් ලෙස හැඳින්වේ. එමෙන්ම මේවා සම්පූර්ණයෙන්ම නොමිලේ දෙනු ලැබේ.

Custom ROM භාවිතා කල යුත්තේ ඇයි ?


නිරතුරුවම Update නිකුත් කිරීම

ප්‍රසිද්ධ එකක් වටා බොහෝ Developers ලා මෙන්ම භාවිතා කරන්නන් ද සිටින බැවින්, මේවායෙහි ඇති අඩු පාඩු මග හැර, නව විශේෂාංග සහිත Update නිතරම නිකුත් කරයි. මේවා නැවත Install නොකර අන්තර්ජාලය මගින් (Firmware Over The Air) ලබාගත හැකිවීම තවත් විශේෂත්වයකි.

දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි වීම

සෑම Custom Rom එකක්ම පාහේ Stock ROM එකකට වඩා වේගවත් වන අතර, අවම මතක ධාරිතාවයක් භාවිතා කරයි. මොකද කිව්වොත්,

  • Stock ROM සමග එන වැඩි මතක ධාරිතාවයක් අවශ්‍ය වන අනවශ්‍ය ඇප්ස් සහ අනෙකුත් විශේෂාංග මෙහි නැති නිසා.
  • වැඩිදියුණු කරන ලද කර්නලය මගින් වඩා කාර්යක්ෂම තාවයකින් යුතුව වැඩ කල හැකි නිසා.

නව Android සංස්කරණයකට Update කල හැකි වීම

ඔබේ දුරකථනය ට නිකුත් කර නොමැති, ඒ වගේම කවදාවත් නිකුත් නොකිරීමට ඉඩ තියන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ මෙමගින් ස්ථාපනය කල හැකියි.


Custom ROM භාවිතා කිරීමේ අවාසි !


රොම් එක ෆ්ලෑශ් කරන අතරතුර යම්කිසි වැරැද්දක් වුණොත් ෆෝන් එක බ්‍රික් විය හැකියි (එනම් කිසි නොකල හැකි තත්වයට පත්වීම රොම් එකක් දැමීමේදි ෆෝන් එකේ සියලු දත්ත මැකී යන බැවින් ඊට පෙර අවශ්‍ය දත්ත බැකප් කිරීම සිදු කල යුතුයි. ස්ටොක් රොම් හි නැති විවිධ ගැටලු කස්ටම් රොම් එකකදී පැන නැගිය හැකියි. මීට පෙර රූට් කල යුතු නිසා, ෆෝන් එකේ වගකීම් සහතිකය අවලංගු වෙනවා. 

Wednesday, November 23, 2016

ඔනේම සැම්සුන්ග් ෆොන් එකකට CUSTOM ROM එකක් දාන හැටි




  ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ඔනේම සැම්සුන්ග් ෆෝන් එකකට කස්ටම් රොමක් දාන විදිය ගැනයි.. බහිමු වැඩේට
 ඔයාල දන්න්වනේ අපේ ෆෝන් පරන වෙන්න වෙන්න අලුතින් එන සොෆ්ට්වෙයා අප්ඩේට්ස් එන්නෙ නෑ.. උදාහරණයක් විදියට අපි ගමු එක අන්තිමට ආව අප්ඩේට් එක තමයි Android 4.3 ඒත් ඉතින් දැන් අලුතින් එන පොඩි ෆෝන් වලටත් එනේ Android 5.0 / 4.4 වගේ ව්ර්ශන් ඒත් ඉතිං අපි තාමත් 4.3 ,, දුකයිනේ ඉතීං
  ඒත් වැඩේ දන්නවන්ම් අපිට පුලුවන් කස්ටම් රොම් එකකින් samsung galaxy S3 එකට අලුතින් ආපු Note5 S6 වල වගේ වැඩ තියෙන.. ඒ විදියේ Ui තියෙන පට්ට කස්ටම් රොමක් දාගන්න

 ** ඔනේම සම්සුන්ග් ෆෝන් එකකට කස්ටම් රොම් එකක් දන්නේ මේ මෙතර්ඩ් එකටම තමයි හොන්දේ **

බහිමු ගේමට

බහින්න කලින් එකක් ඕං මේක කරන්න ගිහින් ෆෝන් එකට මොනා හරි උනොත් මට කෑගහ්න්න එහෙම එපා.. (මම කියුව විදෛයටම කලොත් එහෙම වෙන්නෙ නෑ හරිය)

1.මුලින්ම මෙන්න මෙතනින් ගිහින් සැම්සුන්ග් කයිස් ඔයාගේ පී.සී එකට ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න  (මේ තමා ඩ්‍රයිවස්.. සම්සුන්ග් කයිස් එකම දැම්මම එක පාරින්ම වැඩේ ගොඩ,මේක දැම්මේ නැත්නම් ඔයාගේ ෆෝන් එක පීසි එකෙන් අන්දුරගන්නේ නෑ ඒ නිසා අනිවර්යෙන් දාගන්න)

2.දැන් මේන්න මේ ODIN එකත් ඩවුන්ලෝඩ් කරන්න (මේකෙන් තමයි කස්ටම් රිකවරි,ඔෆීශියල් ෆර්ම්වෙයර් එහෙම ෆ්ලෑශ් කොරන්නේ) කරලා ඉන්ස්ටෝල් කරන්න

3.හරි දැන් යන්න ගූගල් එකට ගිහින් ගහන්න මේම Custom rom for samsung galaxy s3 xda (මම උදාහරනෙට ගත්තේ S3 එක නිසයි මෙහෙම ගැහුවේ,ඔයා ඔයාගේ ෆෝන් එකේ මොඩල් එක ගහන්න)



4.දැන් යන්න 1ස්ට් ලින්කුවෙන් (xda-developers.com)
 (මේක තමයි කස්ටම් රොම් හොයන්න හොදම නියමම ප්ලේස් එක) ගියාම මේ විදියට එයි එතනින් Galaxy S III Android Development කියන එක ඔබන්න

දැන එයි කස්ටම් රොම් සෙට් එකක් මෙන්න මේ වගේ (තව යටට තියෙනවා)



5.දැන් ඉතින් ඔයාට සෙට් වෙන කස්ටම් රොම් එකක් බලගන්න,අනිවර්යෙන්ම ඒ ත්‍රෙඩ් එකේ දාලා තියෙන කම්මෙන්ට්ස් කියවන්න ඒකෙන් අපිට දැනගන්න පුලුවන් මොනව හරි ඉශුස් තියෙනවන්ම් ඒකෙ කමෙන්ට් කරලා තියේනවා දාපු කට්ටිය (අපි නිකං ඉල්ලන් බාල්දි දාගන්න ඔනේ නෑ නේ .. ඒ නිසා  අනිවාර්යෙන්ම කියවලා බලන්න මොනා හරි අප්ස්ට් ඒම තියෙනවද කියලා, සමහර රොම් වල නම් KNOWN ISSUES කියලා දාලම තියෙනවා මේ මේ දේවල් වැඩ කරන්නේ නෑ කියලා)



 ඔන්න මම තෝරගත්තේ Belkota Note 4 lite Rom (ඔයා ඔයාට කැම්ති හොන්ද එකක් තෝරගන්න) තොරගෙන ඒකේ ඩවුන්ලොඩ්ඩ්ස් වල තියෙන සේරම දේවල් ටික ඩවුන්ලෝඩ් කරගන්න


දැන් ඔයා තොරගනිපු රොම් එකේ Discription / Installation කියන තැන ඇති මෙන්න මෙහෙම එකක් දාලා


Recoomended recovery - CWM
                                         Philz touch     (මේ වගේන් මොකක් හරි එකක් හෝ දෙකක්)
                                         TWRP

මම තෝර ගනිපු රොම් එකට නම් CWM හරි Philz touch තමා ඉල්ලලා තියෙන්නේ..
මෙන්න මේකට තමයි කස්ටම් රිකවරි එකක් කියලා කියන්නේ (මේකෙන් තමයි ඔයා දැන් ඔයාගේ ෆෝන් එකට දාන්න යන කස්ටම් රොම් එක ඉන්ස්ටොල් කරන්නේ )

  හරි දැන් අයේත් යන්න ගූගල් එකට ගිහින් මෙන්න මෙහෙම ටයිප් කරන්න CWM tar recovery for samsung galaxy s3  (ඔයාගේ රොම් එකට රෙකම්න්ඩ් කරලා තියෙන රිකවරිය) අනිවායෙන් අන්තිමට TAR කියලා ගහන්න (මොක්ද අපි මේක ඉස්සරහදි වලින් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරනවා,ඉතින් එකෙන් දුරගන්නේ MD5  ෆෝමැට් එකේ ෆයිලුයි tar  විතරයි,( රිකවරිය තමා ටාර් ,ඔෆෆීශියල් ෆ්ර්ම්වෙයා තමයි MD5) වෙන එව්වා පෙනන්නෙ නෑ ඒ නිසා අනිවර්යේන් TAR කියලා ගහන්න අන්තිමට) කරලා මොකක් හරි ලින්ක් එකකින් ගිහින් රිකවරිය පීසී එකට ඩවුලෝඩ් කරගන්න

  හරි දැන් ෆෝන් එක ගන්න බැටරිය අනිවර්යෙන් 80% වත් චාර්ජ් එක තියෙන්න ඔනේ හොන්දේ..
දැන්  ෆෝන් එක ඩවුලෝඩ් මොඩ් එකට දාන්න (vloume down + home +power කියපු පිලිවෙලට  )


 දැන් වොලිම් අප් ඔබන්න මෙහෙම එකක් එයි දැන්..



  දැන් ඩේටා කේබල් එක අරන් ෆෝන් එක PC එකට Conect කරන්න කරලා කලින් අපි ඔව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගනිපු ODIN කියන එක ඔපන් කරගන්න මෙන්න මේ විදියට එයි දැන් බලන්න මම ඔය කොටු කරල තියෙන විදියට ඔතන COM කියලා වැටිලා තියෙනවද කියලා (මේහම වැටිලා කියන්නේ ෆෝන් එක අන්දුරගෙන තියෙන්නේ ODIN එකට , වැටිලා නැත්නම් ආයේත් Cable ගලවලා ගහන්න)
දැන් ඔකේ PDA කියල එකක් තියෙනවනේ අන්න ඒකට විතරක් TIC එකක් දාන්න... (අනිත් ඒකකටවත් දාන්න එපා) දැන් අපි අර කලින් ඩවුන්ලොඩ් කරපු රිකවරයෙ path  එක පෙන්නලා START දෙන්න



දැන් ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදියට ඉරක් ෆිල් වෙයි බලන්න Pc එකෙත් එහෙම වෙයි (ඔහේ පඩුවේ වෙන්න දෙන්න අල්ල්නවත් එපා ෆෝන් එක) ටිකකින් ෆෝන් එක රීස්ටාර්ට් වෙයි රීස්ටාට් උනාට පස්සෙයි ගලවන්නේ



ඔන්න දැන් අපි ෆෝන් එකට කස්ටම් රිකවරියක් දැම්මා

දැන් ෆෝන් එක ඔන් කරලා ඔයා අර කලින් PC එකට ඩවුන්ලෝඩ් කරගනිපු කස්ටම් රොම් එකේ සේරම දෙවල් ටික [තියෙන්නෙ ඉතින් රොම් එකයි Gaps විතරයි ඈ,සේරම දේවල් කියුවෙ ඔය දෙකටයි (සම්හර රොම් වල නම් G apss නෑ එව්ව්වා කස්ටම් රොම් එකටම සෙට් වෙලාම එනවා) ] ඔයාගේ පෝං එකේ Internal memory එකට හරි Sd එකට  card  හරි දාගන්න

එකත් හරි ඉතින් හම්මේ (අත රිදෙනවා යකූ)

දැන් පෝං එකේ රිකවරි මොඩ් එකට යන්න මෙන්න මෙ කීස් ටික පිලිවෙලින් ප්‍රෙස් කරන්න VOLUME UP + HOME + POWER  (ඩවුන්ලෝඩ් මොඩ් නෙමේ ඈ,ඒකට එබුවේ වොලිම් DOWUN,මේකට UP)
දැන් එයි මෙන්න මෙහෙම එකකට මම දැම්ම රිකවරිය CWM නිසයි මේ විදියට එන්නේ හොන්දේ ඔයා දැම්මේ twrp/philstouch නම් මේ විදිය නෙමේ ඒත් මේ තියෙන දේවලම තමා තියෙන්නේ



  දැන් යන්න ඔකේ වයිප් ඩේටා කියන එකට යන්න
ඔකේ පිලිවෙලින් cache dalvik,cahe  wipe කරන්න.. පොඩි වෙලාවකින් success කියලා වැටෙයි



 ඕඔං ඒකත් හරි

දැන් ආයේත් රිකවරියේ මුලටම එන්න (මෙතනට)



දැන් ඔකේ තියෙන install zip කියන එක ක්ලික් කරන්න,කෙරුවට පස්සේ ඔයා අර ඉස්සෙල්ලා පෝං එකේ sd හරි internal හරි දාගනිපු කස්ටම් රොම් එකයි Gapps එකයි  (රොම් එකේ වෙනම Gapps ෆයිල් එකක් තීබිලා ඩවුන්ලෝඩ් කලා නම්) දාගනිපු ෆෝල්ඩර් එකට ගිහින් මුලින්ම ටික් එකක් දන්න කස්ටම් රොම් එකට මෙන්න මේ වගේ.. ඊටප්ස්සේ Gapps තියෙනවනම් ඒකටත් දාන්න) දැන් Install දෙන්න



  දැන්  ඉතින් බලාගෙන ඉන්න තමා තියෙන්නෙ (නෙක්ස්ට් කරන්න එහෙම අවොත් නෙක්ස්ට් කරන්න)
දැන් මේ ව්දියට ෆ්ලෑශ් වෙනවා පෙන්නාවි ඕංං ඉතිං දැන් කස්ටම් රොම් එක ඉන්ස්ටෝල් වෙනවා

ඕක 100% උනාම පෝං එක රීබූට් කරන්න කියයී ඒක කරන්න  (1ස්ට් ටයිම් ඔන් වෙන්න විනාඩි 10ක් 15ක් වගේ යනවා ගනන් ගන්න එපා ඒ වගෙම පෝං එක රත් වෙනවා ටිකක් ඒකාත් ගනන් ගන්න එපා මුකුත්ම කරන්නේ නතුවා ඔහේ තියෙන්න දෙන්න)

  බැරි වෙලා හරි පෝං එකේ  samsung logo එක වැටි වැටි restart  වෙන්වනම් එක දිගටම පෝං එකේ බැටරිය ගල්වලා රිකව්රි මොඩ් ගිහින් අපි අර කලින් ඩේටා 232 කලේ අන්න එත්නට ගිහින් dalvick cache  කියන එක විතරක් clear කරලා ආයෙත් රීබූට් සිස්ටම් දෙන්න එතකොට වැඩේ හරි)

ඕංං කෝමද දැන් පෝං එක